උතුරුදිග සාවෝ පවුලෝහි නිවාස පිහිටි ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙනන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුනා.
ගුවන් අනතුරින් පුදගලයන් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙස්නා 210එන් වර්ගයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එය කඩා වැටි ඇත්තේ දෙමහල් නිවාස සංකීර්ණයක් මතටයි. යානය ගුවන් ගත කර සුළු වේලාවකට පසු කඩා වැටී ඇති බව සදහන්. එම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් යානය කඩා වැටෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
Post a Comment