ප‍්‍රකාශයට පත්කළ පොදු සමාකාලය තුළදී යුද හමුදාවේ සාමාජිකයන් 5900 දෙනෙකු පමණ යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ‍්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසනවා.
නොදන්වා සේවය හැරගිය යුද හමුදා සාමාජිකයන්ට මෙම පොදු සමාකාලය ක‍්‍රියාත්මක වන්නේ පසුගිය 22 වනදා සිටයි. එය ලබන 10වනදායින් අවසන්විමටයි නියමිත.
සේවයට යළි වාර්තා කරන හමුදා සාමාජිකයන්ට නිත්‍යානුකුලව අස්වීම ලබාදෙන බව ද සුමිත් අතපත්තු මහතා සදහන් කළා.
Post a Comment