රටපුරා පාසල් සෝදිසි කිරීම් මේ වනවිට සිදුකෙරෙනවා. දඹුල්ල නගරයේ සියලු පාසල් පොලීසිය, ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හැටන් නරගයේ පාසල් වල ද විශේෂ සෝදිසි මෙහෙයුමක් කි්රයාත්මක වනවා.
උතුරේ ද සියලු පාසල්වල සෝදිසි කිරීම් මේ වනවිට සිදුකෙරෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්රිය මහතාගේ උපදෙස් මතයි කිලිනොච්චි දිස්ති්රක්කයේ පාසල්වල පරීක්ෂා කිරීම් සිදුකෙරෙන්නේ. පාසල්වල ආරක්ෂා වෙනුවෙන් ද මේ වනවිට විශේෂ සැලසුමක් කි්රයාවට නංවා තිබෙනවා.
Post a Comment