Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් ආරක්ෂාව තහවුරුයි – පාසල් හෙට විවෘත කෙරේ  

Add comments

කොළඹ අවට පාසල් ඇතුළු දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් අද ක්‍රියාත්මක  කෙරුණා.

හෙට සිට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සහ පාසල් කාර්ය මණ්ඩලයේ වාහන නතර කර තැබීම සදහා විශේෂ ස්ථාන වෙන් කර තිබෙන බවද පොලිසිය ප්‍රකාශ කරනවා.

හෙට පාසල් ආරම්භ කිරීම සදහා ගත් තීරණය විවිධ පාර්ශ්වවල  අදහස් විමසා ගත් සාමූහික තීරණයක් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.

මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාසල්වල  ආරක්ෂාව තහවුරු කිරීම සදහා ආරක්ෂක අංශ  සෝදිසි මෙහෙයුම් සිදු කළා. වව්නියාව, මන්නාරම, මුලතිව්, කිළිනොච්චි හා යාපන  යන දිස්ත්‍රික්කවල සියලු පාසල් විශේෂ සෝදිසි කිරීමකට ලක් කෙරුණා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ පාසල් සංවර්ධන කමිටුවල ද සහයෝගය ඇතිවයි.

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් ද පරික්‍ෂාවට ලක් කෙරුණා. හැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 08 ක නිලධාරීන් හා මස්කෙළිය යුද හමුදා කදවුරේ නිලධාරීන් මෙන්ම දරු දැරියන්ගේ දෙමව්පියන් ද මීට එක්ව සිටියා.

මහනුවර නගරයේ පාසල්වල ද ආරක්ෂාව තහවුරු කිරීම සදහා  සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා.

අනුරාධපුර නගරයේද පාසල් ආශ්‍රිත සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. විදුහල්පතිවරුන් සහ පාසල් බස් රථ හිමියන්ද දැනුවත් කෙරුණා.

අම්බලන්ගොඩ පාසල් සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අම්බලන්ගොඩ ප්‍රා දේශීය ලේක්ම්කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

හම්බන්තොට අධ්‍යාපන කාලපයේ සියලු පාසල් දැඩි පරික්ෂාවකට ලක් කෙරුණා. ආරක්ෂක අංශ සෝදිසි කිරීම්වලින් පසු දෙම්පියන්, ගුරුවරුන්, ආදිශිෂ්‍යයන් හා බාලදක්ෂයන් එක්ව පාසල්   පරිශ්‍ර පිරිසිදු කිරීම සිදු කෙරුණා.

පාසල් ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමව්පියන් අදහස් දැක්වූවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG