කතරගම ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් රජයේ පාසල් හතරකට දින 11 ක කාලයක් නිවාඩු ලබාදි තිබෙනවා. ඒ කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තණමල්විල අධ්‍යාපන කොට්ඨාසයට අදාලව.
ඒ අනුව ලබන මස අඟහරුවාදා සිට 18 වනදා දක්වා එම පාසල්වලට නිවාඩු ලබාදෙන බවයි තණමල්විල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුනාදාස මහතා ප‍්‍රකාශ කළේ.
කතරගම ජනාධිපති ජාතික පාසල , සෙල්ලකතරගම මහ විද්‍යාලය , දෙටගමුව කණිෂ්ඨ විද්‍යාලය සහ ගෝතමිගම කණිෂ්ඨ විද්‍යාලය ඊට ඇතුලත්. රුහුණු කතරගම පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සලසන පොලිසිය ඇතුළු නිලධාරින්ට නවාතැන් පහසුකම් මෙම පාසල් වලින් ලබාදිමයි ඊට හේතුව.
මෙම කාලසීමාව තුළ සිසුන්ට මගහැරෙන අධ්‍යයන කටයුතු ඉදිරි පාසල් නිවාඩු කාලය තුළ ආවරණය කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දි දි ඇති බවද කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාෙ සදහන් කළා.
The post කතරගම රජයේ පාසල් හතරකට දින 11ක නිවාඩුවක් appeared first on ITN News.
Post a Comment