208 වන ආදර්ශ ගම්මානය පෙරවරුවේ ජනතා අයිතියට පත්කළ බව නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ රත්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ එය සව්සෙතගම ගම්මානයයි. නිවාස 26 කින් ගම්මානය සමන්විත බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා සද හන් කළේ.
අනුරාධපුර තඹුත්තේගම මකුලෑව ප්‍රදේශයේ ඉදිකළ අරුණළුගම නමින් හැදින්වෙන 209 වන ගම්මානය හෙට(29) විවෘත කිරිමටයි නියමිත. නිවාස 19 ක් ඊට ඇතුලත්. අනිද්දා (30)විවෘත වන ආදර්ශ ගම්මානය ඉදිකර ඇත්තේ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේ.
වරුණාගම නමින් හැදින්වෙන ගම්මානයට නිවාස 24 ක් ඇතුලත්. ආදර්ශ ගම්මාන දෙකේ ජනතාවට නිවාස හිමිකම් ලබාදීමට සමගාමීව තවත් ව්‍යාපෘති කිහිපයක් කි‍්‍රයාත්මක කරන බවයි නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.
The post 208 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment