Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම අදාල ඇමතිවරුන්ගේ වගකීම බව ජනපති පවසයි  

Add comments

තම දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිදු නොකර තමන්ට ලැබෙන ප්‍රතිපාදන වලින් එම දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා.

මෙම රැස්වීම පැවැත්වුණේ පොළොන්නරුව දිසා ලේකම් කාර්යාලයේදීයි. දිළිදු ගම්මාන තෝරා ආදර්ශ ගම්මාන ලෙස ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබාදුන්නා. ප්‍රාදේශීය දේශපාලන නායකයින් ක්ෂේත්‍ර නිලධාරීන් සමග එක්ව ග්‍රාමීය ජනතාවගේ ගැටලු සොයා බැලිය යුතුයි. සහන සැලසීමේ දී කිසිවිටෙකත් පක්ෂ බේද සැලකිල්ලට ගතයුතු නැති බවද ජනාධිපතිතුමා අවධාරණය කළා.

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ වැඩ අවසන් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. පොළොන්නරුව නාගරික මාර්ග සංවර්ධනයෙන් ඉඩම් අහිමිවූ 150 දෙනෙකුට වන්දි ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

මේ අතර අලුත්වැව යෞවන සමාජ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. තැපැල් කාර්යාලයක්,  සංස්කෘතික මධ්‍යස්ථානයක්,  ශ්‍රවණාගාරයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්වුණා.

 

 

The post තම දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම අදාල ඇමතිවරුන්ගේ වගකීම බව ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG