ඇමරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 28 ක් සඳහා බදු වැඩි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ආමන්ඩ්, ඇපල් ඇතුලු භාණ්ඩ ඊට අයත් බවයි නවදිල්ලි වාර්තා සඳහන් කරන්නේ. ඉන්දියාවෙන් ඇමරිකාවට අපනයනය කෙරෙන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන වලට ඉහළ බදු පැනවීමට ඇමරිකා රජය ගත් තීරණයත් සමඟයි ඉන්දියාව ද මෙම තීරණයට එළඹ තිබෙන්නේ. මෙම නව බදු යටතේ ඉන්දියාව ඇමරිකා ඩොලර් මිලියන 217 ක අමතර ආදායමක් අපේක්ෂා කරන බව ඉන්දීය වාර්තා පෙන්වාදෙනවා. ඇමරිකාව සමඟ එළඹ තිබී ගිවිසුම් කිහිපයක් හේතුවෙන් මෙම බදු පැනවීම ප්‍රමාදවූ බව එරට මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.
The post ඇමරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 28 කට ඉන්දියාවෙන් තීරුබදු appeared first on ITN News.
Post a Comment