අපනයන ගම්මාන පන්දහස ආරම්භ කිරීම හෙට සිදුකෙරෙනවා. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දෙහිඅත්තකණ්ඩිය චන්දනගමදී පළමු අපනයන ගම්මානය ඉදිකරන බවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ. පළමු අදියර යටතේ ගම්මාන සියයක් ස්ථාපිත කිරීමයි සැලසුමවී තිබෙන්නේ. කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම අපනයන ගම්මාන පන් දහස සැලසුම් කර තිබෙනවා. ගොවීන්ගේ ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළෙද පොළට ගැළපෙන පරිදි අගය එකතු කිරීමේ ඒකාබද්ධ කි‍්‍රයාවලියක් මෙම අපනයන ගම්මාන තුළින් සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ගම්මානවල පවතින සම්පත් බහුලතාව අනුව නිෂ්පාදන තෝරා ගනු ලැබෙනවා.
The post අපනයන ගම්මාන පන්දහස ආරම්භ කිරීම හෙට appeared first on ITN News.
Post a Comment