තනතුරු අත් හැරියද කඳවුර අත්නොහරින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
චීන දුම්වැටි ආනයනය කිරීමට තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සිටින තුරු ඉඩ ලබා නොදෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවකදී පල කල අදහස් පිලිබද කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
තමන් දැනට සිටින කදවුරේ සිට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. එම ජයග්‍රහණ තුළින් තමන්ට චෝදනා නගන පුද්ගලයින්ට නිසි පාඩම් උගන්වන බවයි අලුත්ගම දර්ගා නගරයේ රජයේ රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එම රෝහලේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයට පළමු රෝගියා ලියාපදිංචි කිරීමද අමාත්‍යවරයා අතින් සිදු වුණා. එක්සත් ජාතික පක්ෂ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෂ්ටිකාර් ජමීර් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
The post තනතුරු අත් හැරියද කඳවුර අත්හරින්නේ නැහැ appeared first on ITN News.
Post a Comment