Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංරක්ෂණය නොවී ඇති ත්‍රිපිටක පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක්  

Add comments

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව මෙරට සංරක්ෂණය නොවී ඇති ත්‍රිපිටක පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ  කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් පත් කර කරන ලද විද්වත් කමිටුවේ උපදෙස් මත මෙම සංරක්ෂණ වැඩසටහන දීපව්‍යාප්ත ක්‍රියාත්මක කෙරෙනවා. එහි එක් අදියරක් ලෙස කුරුනෑගල  දිස්ත්‍රික්කයේ වදුරැස්ස පුරාණ පොත්ගුල් රජ මහා විහාරයේ ඇති පුස්කොල පොත් විද්වත් මණ්ඩලය මගින් පරීක්ෂණ කර ඒවා සංරක්ෂණය සදහා උපදෙස් ලබාදීම පසුගියදා සිදු කෙරුණා. මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයකුගේ අවධානයට ලක් නොවූ මෙම ජාතික හා ආගමික අවශ්‍යතාව ඉටු කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල මෙහිදී වදුරැස්ස රජය මහා විහාරවාසී  පූජ්‍ය ලීකොලපිටියේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ හා ගම්වාසීන්ගේ පැසසුමට ලක් වුණා.

මේ අතර 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී ද්‍රෝහීන් ලෙස නම්කර තිබූ හෙල විරුවන් දේශප්‍රේමීන්  ලෙස ඔසවා තබමින් ජනාධිපතිතුමා ඉටු කළ ජාතික යුතුකම එම කැරැල්ලට නායකත්වය දුන් විමුක්තිකාමීන්ගේ 06 වන පරපුරේ ප්‍රණාමයට ලක් වුණා. එම විමුක්තිකාමීන්ගේ 06 වන පරම්පරාව පිහිටුවාගත් හෙලයේ විරු ජන සංගමයේ සාමජිකයන්  ජනාධිපතිතුමා මුණගැසී ඔවුන්ගේ ප්‍රනාමය පුද කරමින් විශේෂ සංදේශයක් පිලිගන්වනු ලැබුවා.1818 කැරැල්ලට නායකත්වය දුන් මුල් පෙලේ නායකයින් වන මොණරවිල කැප්පෙටිපොල නිලමේ, කිවුලේගෙදර මොහොට්ටාල, ගලගොඩ මහදිසාවේ, කොහු කුඹුරේ රටේ රාළ, බූටෑවේ රටේ රාභ, බකිනිගහවෙල රටේ රාළ යන පරම්පරාවල දරු මුණපුරන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

The post සංරක්ෂණය නොවී ඇති ත්‍රිපිටක පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG