මහත්මා ගාන්ධිතුමා පෙන්වා දී ඇති පරිදි රටක ප්‍රගතියක් ඇතිවීමට නම් සැබවින්ම වැඩ කරන්නන්ට නිසි තැන ලබා දිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද රටේ වැඩ කරන්නේ කවුරුන්ද නොකරන්නේ කවුරුන්ද යන්න ජනතාව හොදින් සිතා බැලිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
තිස්සමහාරාම සදුන්ගම ඉදිකළ සහසරගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 203 වන ආදර්ශ ගම්මානය මෙයයි.
නිවාස 22 කින් සමන්විත එම ගම්මානයේ සියලු යටිතල පහසුකම් සංවර්ධනය කර ඇති අතර නිවාස හිමිකම් පත්‍ර ප්රදානය ඇතුළු වැඩසටහන් රැසක්ද මීට සමගාමීව පැවැත්වුණා.
The post වැඩ කරන්නන්ට නිසි තැන ලබා දිය යුතුයි appeared first on ITN News.
Post a Comment