Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උප්පැන්න සහතික ඩිජිටල්කරණයට සැලසුම්  

Add comments

උප්පැන්න සහතික ලබාදීම ඩිජිටල්කරණය කිරිමට බලාපොරොත්තු වන බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. දැනට භාවිත වන උප්පැන්න සහතික වලින් සියයට 18 ක් පමණ ව්‍යාජ ඒවා බව හඳුනාගෙන ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කරන්නෙ. එවැනි ව්‍යාජ උප්පැන්න සහතික නිකුත් කිරිම වැළැක්විමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර අවසන්.

ව්‍යාජ ලෙස සහතික ඉදිරිපත් කරන්නන්ට මාස හයක් දක්වා සිර දඬුවමක් ලබාදිය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. උපතේ සිටම නව අංකයක් ලබාදිම හරහා ඩිජිටල් උප්පැන්න සහතික ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි රෙජිස්ට‍්‍රාර් ජනරාල් ආචාර්ය එන් සි විතානගේ මහතා ප‍්‍රකාශ කළේ.

The post උප්පැන්න සහතික ඩිජිටල්කරණයට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG