යුද හමුදාවේ සාමාජිකයින් 160 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉන්දියාවේ බුද්ධගයා හි විශේෂ චාරිකාවක් දෙවනවරටත් සංවිධාන කර තිබෙනවා.
මේ අතර යුද හමුදාපතිවරයාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය හමුදා කණ්ඩායමක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග මෙරට සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ චාරිකාවකට එක්ව සිටිනවා. ඉන්දු ශ්රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත්කරමිනුයි මෙම සංචාර සංවිධාන කර ඇත්තේ.
ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙහෙයවීමෙන් යුද හමුදා සාමාජිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට බුද්ධගයාව වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එහි පළමු සංචාරය පසුගිය වසරේදී සිදුවුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය හමුදා සාමාජිකයින් 160 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරට සංචාරයකට එක්ව සිටිනවා. එම පිරිස ඓතිහාසික මහනුවර දළදාමාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව ගාල්ලේ සංචාරයකට ද එක්වනු ඇති. මෙම දෙපාර්ශ්වයේ හා එම පවුල්වල සාමාජිකයින්ගේ හමුවක්ද ඉන්දියාවේදී හා ශ්රී ලංකාවේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
The post හමුදා සාමාජිකයින් 160 දෙනෙකුට හා පවුල්වල සාමාජිකයින්ට බුද්ධගයා චාරිකාවකට අවස්ථාව appeared first on ITN News.
Post a Comment