පාස්කු ඉරිදා ප්රහාරයෙන් අනතුරුව අඩපනව තිබූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා. සංචාරක ස්ථාන කරා පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ප්රමාණය ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි දක්නට ලැබෙන්නේ.
බදුල්ල ඇල්ල ප්රදේශයේ අසිරිය විඳ ගැනීමට මේ දිනවල විශාල සංචාරක පිරිසක් එම ප්රදේශයට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය ජීවිකාව කර ගත් ප්රදේශවාසීන්ටද උදාවී ඇත්තේ යහපත් කලදසාවක්. ශ්රී ලංකාවේ ආරක්ෂාව ඉතා ඉහළ තත්ත්වයක පවතින බැවින් මෙහි සංචාරය කිරීමට බිය නොවන ලෙසයි සංචාරකයින් පවසන්නේ.
The post සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට appeared first on ITN News.
Post a Comment