කිරිකිස්තානයේ – බිෂ්කෙක් අගනුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර හමුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම සුහද හමුව ඊයේ සන්ධ්‍යාවේදී පැවති බවයි පැවසෙන්නේ. සාමාන්‍ය සුහද හමුවක් ලෙස නායකයින් දෙදෙනා කතාබහක නිරතවී තිබෙනවා. පසුගියදා ඉන්දීය කාශ්මීර් ප්‍රදේශයේදී සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයක්. එම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර මතබේද හට ගත්තා. මෙවර සමුලුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා නොපවත්වන බවද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර ප්‍රකාශකර තිබුණා.
The post ඉන්දීය පාකිස්තාන අගමැතිවරුන් අතර හමුවක් appeared first on ITN News.
Post a Comment