Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෙබනනයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ ජාවාරමක තොරතුරු හෙළි වෙයි  

Add comments

ලෙබනනයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයට හැකි වී තිබෙනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලෙබනනයේ රැකියා ඇති බව පවසා ඩොලර් දහස් ගණනින් මුදල් ලබාගෙන සංචාරක වීසා මගින් ඔවුන් එරටට ගෙන්වා අතරමං කර ඇති බවයි හෙළිව තිබෙන්නේ. මෙසේ පැමිණෙන ශ්‍රමිකයින් තානාපති කාර්යාලයට පැමිණිය ද ඔවුන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවීම හේතුවෙන් සහන සැලසීමට නොහැකි තත්ත්වයකුයි උදාවී ඇත්තේ. එබැවින් විදේශ රැකියා සඳහා යාමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙස ශ්‍රමිකයින්ට අවධාරණය කෙරෙනවා. ලෙබනන් තානාපති කාර්යාලයට වාර්තා වී ඇති තවත් ජාවාරමක් වී ඇත්තේ සීට්ටු මුදල් ලබා ගැනීමයි. ජාවාරම්කරුවන් සීට්ටු ක්‍රමයට මුදල් ලබාගෙන පළමුවර මුදල් එකතු කර සීට්ටු සංවිධායකයා පලා යාම එම ජාවාරමයි. මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙස කාර්යාංශය විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

The post ලෙබනනයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ ජාවාරමක තොරතුරු හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG