Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ රැකියා ක්ෂේත්‍රය විධිමත් කිරීම කෙරෙහි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය  

Add comments

විදේශ රැකියා ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුව තිබෙනවා. කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති විදේශ රැකියා පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණයේදී ද මේ සම්බන්ධයෙන් බොහෝ රටවල අවධානය යොමු වුණා.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ දී නීති රෙගුලාසි හා වෘත්තීයමය ආචාර ධර්ම පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමට ජාත්‍යන්තර බඳවා ගැනීම් සඳහා රෙගුලාසි පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණය කැනඩාවේ දී පැවැත්වුණා. අතරමැදි තැරැව්කරුවන් නීත්‍යානුකූල ලෙස හඳුනාගැනීම හා ලියාපදිංචි කිරීම, ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී ගාස්තු අය නොකර හාම්පුතුන්ගෙන් බඳවා ගැනීමේ ගාස්තු අය කිරීම ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන ඇති පියවර ද මෙහිදී ඇගයීමට ලක්වුණා.

 

 

The post විදේශ රැකියා ක්ෂේත්‍රය විධිමත් කිරීම කෙරෙහි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG