හොංකොං හි දැවැන්ත විරෝධතාවක් සංවිධාන කිරීමට සැලසුම් කර තිබෙනවා. දින කිහිපයක සිට පැවැත්වෙන විරෝධතා තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවයි විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ.
අපරාධ වැරදි සඳහා චෝදනා ලබන පුද්ගලයන් චීන මව් රටට පිටත් කර හැරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතක් හේතුවෙන් හොංකොං හි මෙම විරෝධතා හටගත්තා. කෙසේවෙතත් පනත ගෙන ඒම ප්‍රමාද කරන බවයි හොංකොං රජය සඳහන් කළේ. එහෙත් එය නොසලකා හරිමින් විරෝධතා අඛණ්ඩව සිදුකරන බව විරෝධතාකරුවන් සඳහන් කරනවා. පනත සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරියාට ඉල්ලා අස්වන ලෙසයි ඔවුන් බලකර සිටින්නේ. වසර ගණනාවකට පසු හොංකොං හි ඇතිවූ දරුණුතම තත්වය ද මෙය බව විදෙස් වාර්තා පෙන්වාදෙනවා.
මේ අතර චීන මධ්‍යම රජය ද මෙම පනතට සහය පළකරන බව රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. හොංකොං රජය ගත් මෙම තීරණයට ඔවුන් ගෞරව කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
The post හොංකොං හි විරෝධතා අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment