පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කිරීම ලබන බදාදා සිදුකෙරෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු තාක්ෂණික කෞතුකාගාරය මගින් පාසල්, විශ්වවිද්‍යාල සිසුන්ට හා පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද විශාල ප්‍රයෝජනයක් හිමිවන බවයි ජනාධිපති අතිරේක ලේකම් පී කේ එස් රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. තාක්ෂණික කෞතුකාගාරයට මැදිරි 7 ක් ඇතුලත්. දැනට භාෂා හතරකින් පරිවර්තන කටයුතු සිදුකෙරෙනවා. කෞතුකාගාරය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900 ක්.
The post පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ලබන බදාදා විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment