ඉතියෝපියා ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර ගැටුම් වලින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
හවාසා නගරය ආසන්නයේදී මෙම ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. ඉන් 13 දෙනෙකුම සිවිල් වැසියන් බව වාර්තා වනවා. පවතින ගැටලු රැසකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉතියෝපියාව පුරා මේ වනවිට විරෝධතා පැවැත්වෙනවා. අවස්ථා කිහිපයකදී අන්තර්ජාල සබඳතා ද අවහිර කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.
The post ඉතියෝපියා ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර ගැටුම් වලින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment