කුවේට් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන සිටි ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
ඔවුන් අතරින් වැඩි පිරිසක් නේවාසිකාගාර මිලට ගෙන කුවේටයේ විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ. එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව එම නේවාසිකාගාර වලට කඩාවැදී කුවේට් පොලීසියේ බව හඟවමින් මුදල් රන් භාණ්ඩ ඇතුලු දේපල සමඟ එම කාන්තාවන් ද පැහැරගෙන ගොස් තිබෙනවා. කුවේට් පොලීසිය ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ගැටලුව නිරාකරණයට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔවුන් මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා.
The post කුවේට් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි ගෘහ සේවිකාවන් 30 දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment