පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි සහනාධාරය ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ මස්කෙලිය හා සෙවනගල ප්‍රදේශයේ පවුල් 2800 කට අධික සංඛ්‍යාවකට සමෘද්ධි හිමිකම්පත් ප්රදානය කෙරුණා.
මස්කෙළිය හා නෝර්වුඩ් ප්‍රදේශවල අඩුආදායම්ලාභී පවුල් 2621 කට සමෘද්ධි හිමිකම්පත් ප්රදානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මයිවාගනම් තිලකරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අඩු ආදායම් ලාභී වතු කම්කරුවන් විශාල පිරිසකට එකවර සමාද්ධි සහනාධාරය ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ.
සෙවනගල ප්‍රදේශයේ අඩුආදායම් ලාභී පවුල් 200 ක් සදහා සමෘද්ධි හිමිකම්පත් ලබාදීම සෙවනගල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මස්කෙලිය හා සෙවනගල ප්‍රදේශයේ පවුල් 2800 කට සමෘද්ධි හිමිකම්පත් appeared first on ITN News.
Post a Comment