මෙරට විදේශ සංචිත මේ වනවිට ඇමරිකා ඩොලර් බිලියන 8.5 ක් දක්වා වර්ධනයවී ඇති බව ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව පවසනවා.
ශ්‍රී‍්‍ර ලංකාව මේ වසරේ ගෙවිය යුතු විදේශ ණය වාරික වලින් 70% ක් පමණ මේ වනවිට ගෙවා අවසන් බව ද මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප‍්‍රකාශ කළා. මේ වසරේදී ගෙවිය යුතු සම්පූර්ණ ණය වාරික ප‍්‍රමාණය රුපියල් බිලියන 5.4 ක්. එම සම්පූර්ණ මුදල මෙන්ම ඉදිරි වසරවලදී ණය වාරික ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කළා. ඒ ශ්‍රී‍්‍ර ලංකා වානිජ මණ්ඩලය සංවිධාන කළ ව්‍යාපාරික සමුළුවක් අමතමින්. නව ණය කළමනාකරණ ණීති යටතේ ඒ සඳහා පහසුවෙන් අවස්ථාව සලසාගෙන ඇති බවයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වාදුන්නේ.
The post විදේශ සංචිත ඇමරිකා ඩොලර් බිලියන 8 .5 ක් දක්වා වැඩිවූ බව මහ බැංකුව තහවුරු කරයි appeared first on ITN News.
Post a Comment