ඉරානය බි්රතාන්යයට අයත් ඉන්ධන නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය ජාත්‍යන්තර නීති උල්ලංගනය කළ බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
යාත්‍රාවේ සිටි නාවිකයන් සංඛ්‍යාව 25 ක්. කුඩා යාත්‍රා කිහිපයක් සහ හෙලිකොප්ටර් යානාවක් මගින් නෞකාව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය ප්රදේශයදේ.
ඉරානය සිය නෞකාව නිදහස් කිරීමට කටයුතු නොකළ හොත් බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවයි බි්රතාන්ය විදේශ ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කළේ. සිය රටට තර්ජනයක් වන පරිදි කටයුතු කරන නෞකා අත්අඩංගුවට ගන්නා බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
The post බි්රතාන්ය ඉන්ධන නෞකාවක් ඉරානයේ අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment