පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර තිබෙනවා.
නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට එම නියෝගය නිකුත් කර තිබෙන බවයි නීතිපති කාර්යාලය සඳහන් කළේ.
The post පූජිත් සහ හේමසිරි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් appeared first on ITN News.
Post a Comment