මාණිප්පායි ඉනුවිල් ප්‍රදේශයේ පොලීසිය සහ ආවා කල්ලි සාමාජිකයන් අතර සිදුවූ ගැටුමකින් එක් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාතී‍්‍ර එම ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීම සඳහා ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත මානිප්පායි පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශය පරික්ෂාවට ලක්කළා.
එහිදී තියුණු ආයුධ සහිතව යතුරුපැදි තුනකින් පැමිණි සැකකරුවන් 4 දෙනෙකු අත්ඩංගුවට යාමේදී ඔවුන් පොලීසියට පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එහිදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. අනෙක් පස්දෙනා පළාගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් සතුව තිබූ කඩු තුනක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
The post පොලිස් වෙඩි පහරින් ආවා සාමාජිකයෙකු මියයයි appeared first on ITN News.
Post a Comment