පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රට ස්ථාවරව පවත්වා ගැනීමේ අභියෝගයට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව හෙට්ටිපොල පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ කෙරුණා. බරම්පොල, හමන්නාපහුව, මාර්ගය සංවර්ධනය කිරීම කහටවිල, නුගවෙල ගම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම මෙන්ම කොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිලි විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
හෙට්ටිපොල නගරයේ ඉදිකළ නව සතිපොල විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවූ අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන් ද, නලින් බණ්ඩාර, ජේ සී අලවතුවල යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හෙට්ටිපොළ සතිපොල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
The post පාස්කු අභියෝගයට මුහුණ දුන් අගමැතිගේ අලුත්ම අභියෝගය appeared first on ITN News.
Post a Comment