කටුනායක අපනයන සැලසුම් කලාපයේ ගොඩගසා තිබෙන බ්‍රිතාන්‍යයේ සිට ගෙන්වන ලද කසළ තොගය වහාම යළි අපනයනය කිරීමට කටයුතු කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය අදාළ සමාගමට නියෝග කර තිබෙනවා.
කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති හේලීස් ෆීසෝන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය කර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පරිසර හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්රයක්ද එම සමාගම සතුව නොමැති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ 2013 අංක 18/18-30 දරණ ගැසට් පත්‍රයේ ඇති ප්‍රතිපාදනවලට අනුව මෙම කුණු ආනයනය කර තිබේ.
මේ අතර අද (20) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ අදාළ කුණු ගෙන ඒමට කටයුතු කළ ආයතනය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් එකක් බවයි.
The post කුණු ගෙන්වු අයගේ නම් හෙළි කරයි appeared first on ITN News.
Post a Comment