බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානා ඊජිප්තුවේ කයිරෝ නුවර දක්වා ගමන් කිරීම නතර කර තිබෙනවා.
ආරක්ෂක හේතූන් මත සතියක කාලයක් මෙසේ තම ගුවන් සේවයට අයත් ගුවන් ගමන් නතර කිරීමටයි බ්‍රිතාන්‍ය ගුවන් සේවය කටයුතු කර ඇත්තේ. ආරක්ෂක අවදානම කුමක්ද යන්න මෙතෙක් හෙළිකර නැහැ. කෙසේ වෙතත් කයිරෝ දක්වා ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක් මගීන් ගුවන්තොටුපොලවල අතරමංවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍ය ගුවන් සේවය ඔවුන් වෙනුවෙන් කිසිදු විකල්ප ගුවන් ගමනක් හෝ සංවිධාන කර නැති බව සඳහන්.
The post කයිරෝ දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවීමට බි්රතාන්ය ගුවන් සේවයෙන් තීරණයක් appeared first on ITN News.
Post a Comment