හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 200 කට වැඩි ප‍්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. ඒ එරට පවතින විරෝධතා හේතුවෙන්.
ගුවන් තොටුපොළ පාලක මැදිරියේ සේවකයන් ද විරෝධතා සඳහා එක්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට ගුවන් ගමන් මෙහෙයුම් එක් ධාවන පථයකට පමණක් සීමාවී තිබෙනවා. ගුවන් තොටුපොළ හා සම්බන්ධ වන සීඝ‍්‍රගාමී දුම්රිය සේවා ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතා හේතුවෙන් ඇති විය හැකි හදිසි තත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට ද එරට බලධාරින් කටයුතු කළා.
The post හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ appeared first on ITN News.
Post a Comment