Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට  

Add comments

නීතිවිරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් ගම්පහ බාදුරාගොඩ ප්‍රදේශයේ මියගිය  පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේවන විට  11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  තවත් 14 දෙනෙකු රෝහල් ගත කර සිටිනවා.

පල්ලෙවෙල, මීරිගම සහ කොටදෙණියාව යන පොලිස්වසම් වලිනුයි මෙම මරණ වාර්තාවන්නේ. පල්ලෙවෙල පොලිස් වසමේ පස් දෙනෙකු මියගොස් තිබෙනවා. කොටදෙණියාව පොලිස්වසමේ හතර දෙනෙකු ද මීරිගම පොලිස් වසමේ දෙදෙනෙකු ද වශයෙන් මෙසේ මිය ගොස් සිටින බවයි පොලිසිය පවසන්නේ. මොවුන්ගේ මරණවලට හේතුව ලෙස මරණපරික්ෂණවල සඳහන් වන්නේ හදිසි හෘදයාබාධ වැනි දේ වුවද  මොවුන් සියලුදෙනා එකම ස්ථානයකින් නීතිවිරෝධී මත්පැන් පානය කර ඇතිබවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. මේ වන විට රෝගීන් 14 දෙනෙකු මීරිගම, වතුපිටිවල, ගම්පහ සහ රාගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර නීතිවිරෝධී මත්පැන් ජාවාරමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක ද නිරතවුණා. ඒ නීතිවිරෝධී මත්පැන් විෂවී මියගිය දේහය ද මහමග තබා ගනිමින්. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නාබවට පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති කමල් රත්නායක මහතා පොරොන්දුවීමත් සමඟ දේහය මාර්ගයෙන් ඉවත්කර ගැනුණා.

 

 

The post නීතිවිරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG