ලබන මාසයේ පැවැත්වෙන පළමු රැස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන ලෙසට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිනගෙන් ඉල්ලා සිටියා. අග්‍රාමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජනගේ අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ලබන මස මුලදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් පසුව එය ඔක්තෝමබර් 14 වනදා දක්වා අත්හිටුවනු ඇති. ඉන් අනතුරුව නව පාර්ලිමෙන්තුව ආරම්භ කිරීමේදී සාම්ප්‍රදායික දේශනය මහරැජින එදින පැවැත්වීමට නියමිතයි. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව බ්‍රෙක්සිට් වැඩපිලිවෙලක්ද හදුන්වාදීමට තමන් සූදානම් බවයි බ්‍රෙක්සිට් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රටතුල නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමට අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගන්නා බවයි. බ්‍රෙක්සිටි ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව කිරීම තුළින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් කිරීමට හැකි බවයි විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ. මේ අතර රජය ගත් මෙම තීරණයට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක්ද පැවැත්වුණා.
The post බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට රැජිනගෙන් අවසර appeared first on ITN News.
Post a Comment