රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හය වන දිනය අද(28)යි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය යටතේ වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වන බවයි ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ.
මෙම වැඩසටහන යටතේ නාවික හමුදාව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළා. වෙරළ තීරය පිරිසිදු කිරිම, පැළ රෝපණය හා නීතිවිරෝධි මත්ස්‍ය කර්මාන්තය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරිමත් ඊට අයත්.
එහිදි ඩෙල්ෆ් දූපතේ පාසල් සඳහා ආරක්ෂක කමිටු පිහිටුවීමටත් නාවික හමුදාව කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
The post රට වෙනුවෙන් එකට සිටිමු හය වන දිනයටත් වැඩසටහන් රැසක් appeared first on ITN News.
Post a Comment