Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනයේ විශ‍්‍රාමිකයන් පහලොස් දහසකගේ වැටුප් විෂමතා ඉවත්කෙරේ  

Add comments

යාපනය දිස්ත‍්‍රික්කයේ විශ‍්‍රාමිකයන් පහලොස් දහසකගේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ වුණා. ඒ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව.

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක වැඩපිලිවෙල ක‍්‍රියාත්මක බවයි දිස්ත‍්‍රික් ලේකම් එන් වේදනායහන් මහතා ප‍්‍රකාශ කළේ. මේවන විටත් එය  68% කින් පමණ අවසන් කර තිබෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩපිලිවෙලේ හත්වන වැඩසටහන යාපනයේදි ආරම්භවුණේ පසුගිය 23 වනදා.

එය හෙටින් අවසන් වනවා. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක් ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමේ සහ මාර්ගෝපදේශන වැඩසටහන් ද ක‍්‍රියාත්මක බවයි රජය පෙන්වා දෙන්නේ. සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ක‍්‍රියාත්මක කර තිබෙනවා. සියලු ජනතාවට උපරිම පහසුකම් සැලසීමයි වැඩපිලිවෙලේ අරමුණ.

The post යාපනයේ විශ‍්‍රාමිකයන් පහලොස් දහසකගේ වැටුප් විෂමතා ඉවත්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG