Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන් විසිතුන් දහස් අටසියයකට ප‍්‍රතිලාභ ලබාදී අවසන්  

Add comments

සුරක්ෂා රක්ෂණයෙන් සිසුන් විසි තුන් දහස් අටසියයකට ප‍්‍රතිලාභ ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1150 ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

සිසු හා දෙමව්පිය මරණ හාරදහසක් ඊට ඇතුලත්. රෝහල්ගතවීම් දහනව දහස් පන්සියයකට ද මුදල් ලබාදී ඇති බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. ඉතිහාසයේ පළමු වරට මෙරට සියලු පාසල් දරුවන් රක්ෂණය කරමින් කි‍්‍රයාත්මක සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙලේ ප‍්‍රතිලාභ වැඩි කිරීමට ද මේ වනවිට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් දහසේ සිට රුපියල් තුන් දහස දක්වා වැඩි කෙරුණා.

බාහිර ප‍්‍රතිකාර යටතේ ශ‍්‍රව්‍ය දුෂ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබාගැනීමට සහ විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබාගැනීමට ද හැකියාව පවතිනවා. මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ අසාධ්‍ය රෝග ආවරණය ද මෙම රක්ෂණාවරණයට ඇතුලත්. රෝහල්ගතවීමට පෙර දින 7 ක් සහ රෝහලෙන් පිටවූ පසු දින 14 ක් දක්වා ඖෂධ ලබාගැනීමේ හැකියාව ද මෙම රක්ෂණාවරණයෙන් හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

2018 දෙසැම්බර් පළමුවෙනිදා සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප‍්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

 

 

The post සුරක්ෂා රක්ෂණාවරණයෙන් සිසුන් විසිතුන් දහස් අටසියයකට ප‍්‍රතිලාභ ලබාදී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG