සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක අනූ හත් දහසක් ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
පළමු අදියර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඩිජිටල් ගුරුවන් ලෙස සැලකෙන ටැබ් පරිගණක පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා.
සුහුරු පන්ති කාමරයේ සිට ඩිජිටල් පුවරුවෙන් අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිසුන්ට අවස්ථාව සලසාදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
The post උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක අනූ හත් දහසක් appeared first on ITN News.
Post a Comment