පහර දී පුද්ගලයෙකු අයුතු ලෙස සිරකරගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයයි වැටලීම සිදු කළේ. බණ්ඩාරගම කොස්වත්ත ප්රදේශයේදී පුද්ගලයෙකුට පහර දී සිරකරගෙන සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. සිරකරගෙන සිටි පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පැහැර ගැනීමට සම්බන්ධ වූ දෙදෙනෙකු සහ ඒ සදහා යොදා ගත් වෑන් රථයේ රියදුරුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ වෑන් රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් එහි අයිතිකරුයි මෙලෙස ඔහු පැහැරගෙන ගොස් පහර දී සිරකර තබාගෙන සිට ඇත්තේ. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post පුද්ගලයෙකු අයුතු ලෙස සිරකරගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment