Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමේ සිද්ධිය පිළිබද විශේෂ විමර්ශන ඇරඹෙයි  

Add comments

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම‍ෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පරික්ෂණ මණ්ඩලයේ කටයුතු අද ආරම්භ වනවා.

අනතුර සොයා බලා තොරතුරු වාර්තා කිරීම සඳහා ම‍ෙම මණ්ඩලය පත්කළේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතායි.

නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී වී එස් පොල්වත්ත මහතායි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන්නේ.

අනතුරට සම්බන්ධ දුම්රිය දෙකේ රියදුරන්ගෙන්, නියාමකවරුන්ගෙන් සහ රිය සහයකවරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමටයි නියමිතයි.

මරදාන සිට කලුතර බලා ධාවනයවූ දුම්රිය සහ කොටුව සිට හලාවත දක්වා ධාවනයවූ දුම්රිය මුහුණට මුහුණ ගැටීම‍ෙන් අනතුර සිදුවුණා.

කලුතර දුම්රියේ රියදුරා මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම ඊට හේතුව බවයි මූලික පරීක්ෂණ වලින් හෙළිවුණේ.

The post දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමේ සිද්ධිය පිළිබද විශේෂ විමර්ශන ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG