Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජිත් සහ හේමසිරිට එරෙහිව ගොනු කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබන මස 09 වැනිදා  

Add comments

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සමේ විභාගය අවසන් කර තිබෙනවා.

එහි තින්දුව ලබන මස 09 වනදා ප‍්‍රකාශයට පත්කරන බවයි මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා සදහන් කළේ. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනුකර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද පූර්ව තොරතුරු දැනුවත්ව සිටියද එය වළක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නඩුව ගොනුකළේ අපරාධ චෝදනා යටතේ.

The post පූජිත් සහ හේමසිරිට එරෙහිව ගොනු කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ලබන මස 09 වැනිදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG