Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 18 යි  

Add comments

ලොව දරුණුතම ත්‍රස්ත ප්‍රහාරවලින් එකක් ලෙස සැලකෙන සැප්තැම්බර් එකොළහ ප්‍රහාරය සිදුවී අදට වසර 18 ක් සපිරෙනවා.

මෙය ඇමෙරිකාවට එල්ලවූ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි හැඳින්වෙන්නේ. නවයයි එකොළහ නැතහොත් සැප්තැම්බර් එකොළහ ප්‍රහාරය ඇමෙරිකා ඉතිහාසයට අමිහිරි මතක රැසක් එක්කළ ත්‍රස්ත ප්‍රහාරයක්. 2001 වසරේ සැප්තැම්බර් මස 11 වනදා අල්කයිඩා ත්‍රස්තයින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි කුළුණු හා පෙන්ටගනය ඉලක්ක කර ගෙනයි මෙම ප්‍රහාර එල්ල කළේ. අල්කයිඩා ත්‍රස්තයින් පැහැරගත් ඇමෙරිකා මගී ගුවන් යානා 4ක් ප්‍රහාර සඳහා යොදා ගනු ලැබුවා. ඉන් 2ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු කුළුණුවල ගැටීමට සලස්වා පුපුරුවා හැරියා. එහිදී එම කුළුණු දෙකම මුළුමනින්ම විනාශයට පත්වුණා. තුන්වන ගුවන් යානය කඩා වැදුණේ ඇමෙරිකාවේ ආරක්ෂක මූලාස්ථානය වන පෙන්ටගනයටයි. මෙම ප්‍රහාරවලින් 3000 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත් වූ අතර 6000කට අධික පිරිසක් තුවාල ලැබුවා.

The post සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 18 යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG