අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉලල්මින් ගොණුකළ මූළික අයිතිවාසිකම් පෙත්සම් 12ක් පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. සිද්ධියට අදාලව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සීටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සිය වාචික දේශන ආරම්භ කළා. පෙත්සම් අද කැදවූවේ අගවිනිසුරුවරයා ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයී.
The post හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට එරෙහි පෙත්සම් 12 ක කරුණු විමසීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment