Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකික ධීවරයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට  

Add comments

මාලදිවයින් මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා නෞකාවක් කළ නිරීක්ෂණයේදී මෙම බෝට්ටු හදුනාගෙන තිබෙනවා. මෙරට ලියාපදිංචි ධනුජි, සුබපැතුම් 04,ලක්ප්‍රිය දේහි සහ නලීන් 10 බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයිනුයි මෙසේ නාවික හමුදා භාරයට ගෙන තිබෙන්නේ. එම ධීවරයින් සහ බෝට්ටු වැඩිදුර විමර්ශන සදහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන ඒම සිදු කෙරුණා. එම යාත්‍රා තුළ වැඩිදුරටත් කළ සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොගයක් සොයා ගැනුණා.

 

 

 

The post ශ්‍රී ලාංකික ධීවරයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG