Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිරසර කසළ කළමණාකරණ දකුණු ආසියා කලාපීය වැඩමුළුව කොළඹදී   

Add comments

තිරසර කසළ කළමණාකරණ දකුණු ආසියා කලාපීය වැඩමුළුව කොළඹදී පැවැත්වුණා. කලාපීය වශයෙන් පැවති තුන්වන වැඩමුළුව මෙයයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවත්වුණේ.

තිරසර කසළ කළමණාකරණය සදහා වන මාර්ගෝපදේශන සැළැස්ම එළිදැක්වීම මෙම වැඩමුළුවේ අරමුණයි.  දකුණු ආසියා රටවල පාරිසරික අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී නොවැම්බර් මස 06 වනදා පැවැත්වෙන සැසියේදී එම සැළැස්ම එළිදැක්වීමට නියමිතයි. කලාපීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන්ද ගැටළුවක් වී ඇති කසල කළමණාකරණය සදහා රටවල් එක්ව විසදුම් සෙවීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වුණා. දකුණු ආසියා රටවල් නියෝජනය වන මෙම වැඩසටහන් ජපන් රටේ සහාය ඇතිව ආයතන රැසක එකමුතුවෙන් සංවිධාන කෙරෙනවා.

 

 

 

 

The post තිරසර කසළ කළමණාකරණ දකුණු ආසියා කලාපීය වැඩමුළුව කොළඹදී  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG