විද්‍යාවෙන්, දේශපාලනයෙන්,සමාජ ක්‍රියාධර භූමිකාවෙන් මෙන්ම සාහිත්‍ය කලාවෙන් ලාංකේය සමාජ ප්‍රගමනය උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට සිය ගෞරවණීය ආචාරය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ.
නවින විද්‍යාත්මක චින්තනය අගය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විද්‍යාත්මක චින්තනය ඔස්සේ මිථ්‍යාවට එරෙහිව හඩ නගමින් ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් පෙනී සිටි බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා. වාමාංශික දේශපාලනයේ නිරත වූ විද්වතෙකු ලෙස ද එතුමා සම්භාවනාවට පාත්‍ර වනවා. ලාංකේය දේශපාලන ක්‍රියාවලිය තුළ චින්තනමය මැදිහත්කරුවෙකු ලෙස එතුමා සුවිශේෂී වැඩ කොටසක් ඉටු කළ බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා. සාහිත්‍ය කලාවට ළැදි එතුමා ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක 4 කට වැඩි කාලයක් ලාංකේය වෛද්‍ය අධ්‍යාපනය තුළ ඉටු කළ මෙහෙවර ඉමහත් බව ද අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවුඩය මගින් තවදුරටත් පෙන්වා දෙනවා.
The post කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවුඩයක් appeared first on ITN News.
Post a Comment