ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහාමාස් දූපතේ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
නායයාම් සහ ගංවතුර තත්ත්වයක්ද එම දූපතට බලපා ඇති අතර 13000 කට ආසන්න නිවාස සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවයි ජාත්‍යන්තර රතු කුරුස සංගමය සඳහන් කරන්නේ. ඩෝරියාන් සුළිකුණාටුව පැයට කිලෝමීටර් 285 ක වේගයෙන් හමා යමින් පවතින බවයි ඇමෙරිකා ජාතික සුළිසුළං මධ්‍යස්ථානය පවසනවා. එය පස්වන ගණයට අයත් සුළිකුණාටුවක්.
The post ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහාමාස් දූපතේ 05 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment