පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තනතුරට අභ්‍යාසලාභින් 850 දෙනෙක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඒ සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බඳවා ගැනීම් සඳහා විද්‍යුත් ක්‍රමයට අයදුම් පත් ඉදිරිපත් කළ හැකි බවයි අමාත්‍යංශය පෙන්වා දුන්නේ. 2015,2016 සහ 2017 වසරවලදී උසස් පෙළ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවෙන් විෂයන් තුනක් එකවර සමත් වූවන්ගෙන් අයදුම් පත් කැඳවිමට කටයුතු යොදා තිබෙනවා. ලබන විසි වනදා තෙක් ඒ සඳහා අවස්ථාව පවතින බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
The post තවත් 850 දෙනෙක් පවුල් සෞඛ්‍ය සේවයට appeared first on ITN News.
Post a Comment