අම්බලන්ගොඩ කුලීගොඩ ප්රදේශයේදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර් තිළිණ රුවන් මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.
කුලීගොඩ ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ජේලර්වරයාට වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකෙරුණා. ඒ අනුව සිදු කළ CCTV කැමරා දර්ශන හා දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන කුලීගොඩ ගලගොඩවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී අපරාධ සඳහා යොදා ගත් ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 12 ක් සහිත මැගසිනයක් ද යතුරුපැදියක් ද සොයාගත් බව පොලීසිය ප්රකාශ කළා. මෙම ගිනිඅවි පරිහරණය කළ බවට හෙළි වූ අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දිනයේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ග්රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර ප්රදේශයේදී පසුගියදා සිදු වු ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරින් කළ මෙහෙයුමකදියි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ෆර්ගියුෂන් පාර ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුවයි පෑලියගොඩ හතරේකනුව ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ. ඉදිරි පරික්ෂණ සදහා සැකකරු ග්රෑන්ඩ්පාස් පොලීසිය භාර දි ඇති අතර ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post බන්ධනාගාර පුහුණු පාසලේ ප්රධාන ජේලර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment