Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් ඓතිහාසික තීන්දුවක්  

Add comments

අම්බලන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මතින් තොර කලාපයක් බවට පත් කිරීමට එම ප්‍රාදේශීය සභාව ඒකමතිකව තීරණය කළා.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ආර් පී චන්ද්‍රකුමාර මහතා පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේ එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි සුරාසැල් සහ මත්පැන් තොග මධ්‍යස්ථානය සඳහා ලබාදෙන බලපත්‍ර අත්හිටුවීමටයි. ඊට එම ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව සභා සම්මත කළා. එක්සත් ජාතික පක්ෂයේ පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පත්ව සිටින මන්ත්‍රීවරුන් තිස්දෙදෙනෙකු ඊට එක් වුණා. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව ද ප්‍රසාදය පළ කරනවා.

The post අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් ඓතිහාසික තීන්දුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG