රථ වාහන වැරදි සඳහා අය කරන දඩ මුදල් ඉන්දියාව වාර්තා සහගත ලෙස ඉහළ දමා තිබෙනවා.
රථ වාහන සම්බන්ධව සිදු කරන වැරදි සදහා අවම දඩ මුදලක් නියම කිරීම හේතුවෙන් එම වැරදි සිදු කිරීම ඉහළ ගොස් ඇති බව සඳහන්. ඒ හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ. ආසන පටි නොමැතිව ගමන් කිරීම සදහා මීට පෙර පනවා තිබූ ඉන්දීය රුපියල් 100ක දඩ මුදල ඉන්දීය රුපියල් 1000 දක්වා වැඩිකර තිබෙනවා.
බීමත්ව රිය ධාවනය , හිස් වැසුම් නොමැතිවීම, බලපත්‍ර ලබා නොගැනීම මෙන්ම ගිලන් රථ සහ ගිනි නිවන රථ සඳහා මාර්ගයේ ඉඩ ලබා නොදෙන වාහන සඳහාත් දඩ දඩමුදල් නිකුත් කරන බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා. මෙමගින් මාර්ග නීති කඩ කිරීම අවම කර ගත හැකි බවයි ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
The post රථ වාහන වැරදි සඳහා අය කරන දඩ මුදල් ඉන්දියාව වාර්තා සහගත ලෙස ඉහළ දමයි appeared first on ITN News.
Post a Comment